පළමු ලෝක යුධ සමයේ, 1915 අප්‍රියෙල් 24 වැනිදා ඔටොමාන් පාලනය යටතේ පැවති තුර්කියේ, යටත් විජිත වැසියන්ව සිටි ආර්මේනියානු විද්වතුන් සහ ප්‍රාදේශිය නායකයන් දෙසීය පනහකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන එවකට කොන්ස්තන්තිනෝපල් ලෙස හැඳීන්වු (වර්තමානයේ ඉස්තාන්බුල්) නගරයෙන් පිටුවහල් කරනු ලැබුණු අතර, අන…
එමිලි බ්‍රොන්ටෙ ගේ ද්විත්ව ජන්ම ශතවර්ෂ සැමරීම යෙදී තිබුණේ 2018 වසරේ ජූලි මස 30 වැනිදාටය. මේ වන විට බ්‍රොන්ටෙ කෞතුකාගාරය බවට පත්ව ඇති, බ්‍රොන්ටෙ පවුල වැඩිකාලයක් ජීවත් වු එංගලන්තයේ බටහිර යෝක්ෂයර් ප්‍රදේශයේ හැවර්ත් ග්‍රාමයේ දේවගැති නිල නිවස කේන්‍ද්‍ර කොට ගෙන එදින විවිධ සාහිත්‍යයික සාකච්ඡ…
මානව ඉතිහාසයේ දිගහැරීම සිදුවන්නේ වැඩිමනත් ලෙස මානව වර්ගයාගේ සංතුෂ්ටිය මතින් නොව අසීමාන්තික විඳවිම් තුළිනි.
මයිකල් ඔන්ඩාච්චෙ ගේ නවතම කෘතිය පසුගිය මැයි මස 08 වැනි දා(2018) එළිදැක්විණි. මයිකල් ඔන්ඩාච්චෙ නවකතාකරුවෙකි, කවියෙකි, සංස්කාරකවරයෙකි, ශාස්ත්‍රීය ලිපි සම්පාදකයෙකි, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.
1986 අප්‍රියෙල් මස 26 වැනිදා චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය තුළ ලෝක ඉතිහාසයේ එතෙක් නොවු විරූ දැවැන්තම න්‍යෂ්ටික ප්‍රතික්‍රියක අනතුර සිදු වූ අතර, චර්නොබිල් මෙන්ම යුරෝපයේ හතරෙන් තුනක තරම් පැතිරුණු විශාල ප්‍රදේශයක වායුගෝලය දූෂණය වීමට එය හේතුවක් විය.
ඒ 1932 වසරේ අවසන් භාගයයි. පැරිස් නුවර මොන්පර්නාස් විදියේ බෙක් ද ගාස්z නම් අවන් හලේ පැවැත්වුණු ඇප්‍රිකොට් කොක්‍ටේල් සාදයකදි තරුණ මිතුරු මිතුරියෝ තිදෙනෙක් මුණ ගැසුණහ.
හමීඩ් සුලෙයිමාන් සිරියාවේ උපන් තිස් එක් හැවිරිදි තරුණයෙකි. ඔහු මෙන්ම ඔහුගේ කලා මාධ්‍යත් අපට තරමක් අප්‍රකට කාරණාවන්ය. සිරියාවේ දමස්කස් නගරයේ ඉපිද හැදී වැඩුණ හමීඩ්, තම උපන් භුමියේ නිදහස සහ ප්‍රජාන්ත්‍රවාදය පිළිබඳ උස් බලාපොරොත්තු තබා ගෙන සිටි තරුණයන් ගෙන් කෙනෙකි.
පකිස්ථානය වැනි දැඩි මතධාරී පුරුෂ මුලික සමාජයක් පවතින රටක කිවිඳියක් වීම ම පමණක් මහා කරදර ගොන්නකට අත වැනීමකි. එහෙත් ඇය, ෆාමිඩා රියාස් කිවිඳියක් පමණක් නොව ස්ත්‍රීවාදි ක්‍රියාකාරිනියකි. ප්‍රගතිශිලි අදහස් දරන්නියකි, දැඩි මතධාරි සම්ප්‍රදායික ආකල්ප වලට නොනවත්වා පහර ගසන්නියකි, සමාජ ව්‍යාපාර කිහ…
2009 වසරේ ඇමරිකා එක්සත්ජනපදයේ පැවති ඇමරිකානු සමුළුවට සහභාගී විමට පැමිණි, එවකට වෙනුසියාලානු ජනාධිපතිවරයාව සිටි හියුගෝ චාර්වේස්, එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය හෙබවූ බැරැක් ඔබාමා වෙත පැමිණ ඉතාමත් මිත්‍රශිලි ලෙස අතට අතදී ආචාර කොට, සිනා මුසු මුහුණින් එක්තරා කෘතියක් ඔබාමා අතට පත්කළේය.…
“ඉඳින් මම, ගැහැණියක තුළ උඩුයටිකුරුව හිඳිමි. ඉවසීමෙන් දෑත් හරස්ව තබා ගෙන, ඇතුළට වි සිටින මා කවුද, ඇතුළට වී සිටින්නෙ මන්ද යන්න සිතමින් බලා හිඳිමි. මාගේ රැඳවුම් ස්ථානයේ පාරදෘශ්‍ය මායිම් හා, මඳ ශබ්දය ඇති විට දී පවා නිර්ලජ්ජිත ක්‍රියාවක යෙදී සිටින කුමන්ත්‍රණකරුවන්ගේ හඬ සමඟ කම්පනය වන, රහස් මුම…
"පරිවර්තනය යනු සමීප කියවීමක් - ග්‍රෙගරි රබස්සා" ලතින් ඇමරිකානු ගද්‍ය සාහිත්‍ය ක්ෂේත්‍රයේ, සාහිත්‍යයික පරිවර්තනය සම්බන්ධයෙන් මාහැඟි ප්‍රමාණිකයෙක් වු ග්‍රෙගරි රබස්සා වෘත්තීමය සාහිත්‍ය පරිවර්තකයින්ගේ පරමාදර්ශයයි.
මාතාහාරි ලෙස ඉතිහාසයේ ප්‍රසිද්ධියට පත් වුණු මර්ගරීතා zසෙල්, විසිවැනි ශතවර්ශයේ මුල්භාගයේ මධ්‍ය යුරෝපයේ ජිවත් වුණු බලපෑම් සහගත සංස්කෘතික පෞර්ශයකි.
“සංස්කෘතික ගැටුමත්, එක්ව බැඳී සිටීමත් පිළිබඳ නව සංකේතයන් සොයා යාම නිසා” තුර්කි ජාතික ගත් කතුවර ඔර්හාන් පමුක් 2006 වසරේදී, නෝබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. ඉස්තාන්බුල් නගරයේ ජීවත් වෙමින් සාහිත්‍ය කටයුතුවල නියැලෙන පමුක් දැනට ලොව පුරා විසිරී සිටින සාහිත්‍ය ලෝලින් අතර ඉමහත් ප්‍රසාදයටත…
ජේන් ඔස්ටින් මෙලොවින් සමුගෙන දෙසීය වැනි අනුමස්රණය යෙදී තිබුණේ මෙම වසරේ(2017) ජූලි 18 වැනිදාටය. ඒ නිමිත්තෙන් ඇයගේ මව්බිම වන එක්සත් රාජධානියේ පමණක් නොව, ලොව පුරා සිටින සාහිත්‍ය ලෝලීහු විවිධ උත්සව, ප්‍රදර්ශන සහ අධ්‍යයන කව සංවිධානය කරමින් මීට වසර දෙසීයකට ඉහතදී අප අතරින් වියෝ වූ සුප්‍රසිද්ධ …
අරුන්දතී රෝයි වයස අවුරුදු තිහේදී ඉන්දියානු ටෙලි නාට්‍ය වල වරින් වර රඟපෑවාය. අනතුරුව ඇය කෙමෙන් ටෙලි නාට්‍ය පිටපත් රචනයට යොමු වූවාය. නමුත් ඇයට අනුව එකල ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ ඇරෝබික්ස් උපදේශිකාවක ලෙස කටයුතු කිරීමයි.
ලොව පුරා මෙන්ම ශ්‍රී ලාංකික සාහිත්‍ය ලෝලීන් අතර ද මහත් ගෞරවාදරයට පත් ජපන් ලේඛක හරුකි මුරකමි පසුගිය වසරේ(2016) ඔක්තෝබර් මාසයේ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සාහිත්‍ය සම්මානයෙන් පුද ලැබූ අතර එම සම්මානය පිළිගනිමින් ඔහු කළ කතාව වත්මන් ගෝලීය දේශපාලන වාතාවරණය තුළ බොහෝ සාහිත්‍යවේදීන්ගේ පමණක් නොව …
ගුගි වා තියොන්ගෝ යනු ලොව පුරා සාහිත්‍ය ලෝලීන් මහත්සේ ආදරය කරන කෙන්යානු ජාතික ලේඛකයෙකි, විද්වතෙකි, සමාජ ක්‍රියාකාරිකයෙකි. ගුගි ගේ නිර්මාණ කාර්යයන් නවකතා, කෙටිකතා, නාට්‍ය, ලිපි, රචනා සහ කාව්‍යය වැනි විශාල පරාසයක විහිදී ඇති අතර එම නිර්මාණ මේ වන විට වෙනත් භාෂා 60 කට පමණ පරිවර්තනය වී ඇත.
සල්මන් රුෂ්ඩිගේ අලුත්ම නවකතාව, The Golden House මෙම වසරේ (2017) සැප්තැම්බර් මස මුද්‍රණ ද්වාරෙයෙන් එළි දැක්වීමට නියමිතය. News India Times වෙබ් අඩවියේ දැක්වෙන පරිදි එම නවකතාව බැරක් ඔබාමාගේ පාලන කාලය තුළ ඇමරිකානු දේශපාලනය, Tea Party සංවිධානයේ නැඟීම සහ ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලන කරළියට පි…
ජෙරී පින්තු යනු ඉන්දියානු ජාතික කවියෙකි, ළමා කතා රචකයෙකි, නවකතාකරුවෙකි. මුම්බායි වැසියෙකු වුවද ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛණයේ යෙදෙයි. ඔහු බොහෝ විට සමාජයේ ආන්තරීකරණයට ලක් වු ජන සමූහයන් පිළිබඳව අවධානය යොමු කල ලේඛකයෙකි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය, වර්ගවාදය සහ ඒ හා බැඳුනු දේශපාලනය පිළිබඳ පර්යේෂණාත්…
About Me
- Subhashini Chathurika
- මං ලියන්න හරිම ආස කෙනෙක්. ඒ නිසාම මම ගොඩක් දේවල් කියවනවා හොයනවා. ඒවා ඇතුළේ ජීවත් වෙනවා, හීන මවනවා. ඒවා අනෙක් අය එක්ක බෙදා ගන්න තියෙන ආශාව නිසාත් මම ලියනවා. අන්ධකාරය නිසා නොපෙනෙතැයි සිතෙන ජිවිතයේ තීව්ර නිමේෂයන්, කලාවේ සාහිත්‍යයේ සුන්දර අසුන්දර තැන් ආලෝකමත් කරන පුංචි පහනක්(Lucerna), දැන් මා අත තියෙනවා. ඉන් නික්මෙන ආලෝකය බොහෝම පුංචි ඇති, ඒත් ඒ පහනින් අපි ආසම කරන හීන වල, අපේ අපේක්ෂාවල, අපේ ජිවිතවල ලස්සනම තැන් වගේම, අපි දැකිය යුතු අවලස්සනම තැන් වෙතත් පුංචි ආලෝක ලප විහිදාවි කියලා මට විස්වාසයක් තියෙනවා. මම ගොඩක් දේවල් නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා මම තාමත් ඉගෙන ගන්නවා, දෙස් විදෙස් උපාධි, පශ්චාද් උපාධි වගේ දේවල් ටිකක් එක්කාසු කරගත්තත් මං තාම දේවල් හොයනවා. ඒක ලස්සන චාරිකාවක්. මං ඒක උපරිමයෙන් විඳිනවා, ඒ චාරිකාවේ දිදුලන නිමේෂයන් මං නොවැරදීම අනික් අය එක්කත් ආසාවෙන් බෙදා ගන්නවා. ඉතින් ඒ තමයි මං! මේ වචන අතරේ මං ගැන නොකියවුනු දෙයක් ඇත්නම්, ලුචේර්නා අවකාශයේ පැහැබර නිමේෂයන් එකිනෙක පසුකර යන්න, ඒ තමයි ආයෙමත් මං! ඒ තමයි මං ලෝකය දකින්න ආසම විදිය! ඒ තමයි මං දකින හීනයේ ලස්සනම පැහැය! සමහර විට අනෙක් අය දකින්න කැමති හීනෙත් ඒකම වෙන්න ඇති.
My Works
Trending now








