Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

“මෙ‍ම කෘතිය බිහිවුණේ ඒ භයානක ඉතිහාසයට ප්‍රතිචාරයක් වශයෙන්” - අනුක් අරුද්ප්‍රගාසම්



"ලංකාවේ සිවිල් යුද්ධය නිසා සිය පවුලේ සියළු සාමාජිකයින් අහිමි වුණු තරුණ‍යෙක්, යෝජිත විවාහයක් මඟින් සරණාගත කඳවු‍රේ ඔහු ගෙවන ජීවිතයේ අවසන් දවස් කිහිපය වෙත කිසියම් අර්ථයක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරයි.

දිනේෂ්, නිරන්තරයෙන් ඇවිලෙන යුධ ගිනි මධ්‍යයේ, බෝම්බ හෙලන වාරයක් වාරයක් පාසාම නිර්වින්දක හා ශෛල්‍ය වෛද්‍ය උපකරණ වල සූක්ෂමතාව ද රහිතව අංගච්ජේදන සිදුකරන තාවකාලික සායනයක තුවාල කරුවන්ට සාත්තු කරයි.


යුධ ප්‍රහාර මඟින් මුහුද තීරය ආසන්නයටම තල්ලු කරන දමනු ලැබු සරණාගත කඳවුර, හමුදා භට කණ්ඩායම් විසින් වට කරන විට ඔහුට සංවේදනය ‍වන දේ පිළිබඳ භාවනාවක යෙදීමින් හිඳීම බාගවිට ඔහු ගෙවන අවසන් මොහොත වන්නට ද බැරි නැත‍: “ ඔහුගේ මුළු ජීවිත කාලය තුළම ඔහු සිය දෑත් දෙපා දෑඟිලි, පා පතුල් පාවිච්චියට ගත්තේය, එහෙත් තවදුරටත් එම අවයව මත විශ්වාසය තැබිය නොහැකි බව ද‍ැනෙන විට ඔහුට හදිසියේම අත් හැර දමනු ලැබූ බවක් සහ හුදකලා බවක් දැනෙයි.”

ඔහු හා ජීවත්වන අනෙක් යුධ සරණාගතයින්ගේ මෙන්ම ඔහු‍ගේ ලෝකය ද අනාථ කඳවුරේ අවකාශය තුළට හැකිළි තිබුණි: එහි අගල්, ඉඳහිට ලැබෙන බත් පිඟානක්, තුවාලකරුවන්, මියගියවුන් සහ මිය යන්නන්...

බලාපොරොත්තු සුන් කරගත් පියෙක් ජිවතුන් අතර සිටින එකම දියණිය විවාහ කරගැන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටින විට ඔහු එයට එකඟ වූයේ යුද්ධය විසින් ඇති කරන ලද හුදකලාව සමනය කරගැනීමේ හා ඔහුට හැකි පමණින් ඇයට ආරක්ෂාව ලබා දීමේ අපේක්ෂාවෙනි.

“ඔවුන් එක්ව කුමක් කරනු ඇද්දැයි ඔහු දැන සිටියේ නැහැ. පුරුෂයින් සහ බිරින්දෑවරුන් එක් ව කෙසේ කාලය ගත කරන්නේ දැයි ඔහුට කිසිදු ආකාරයක අදහසක් තිබුනේ නැහැ, නමුත් යටත් පිරිසෙයින් ඔහුට ඇය අසල හිඳ සිටීමට පුළුවන, ඇය අසලට වී ආහාර ගැනීමට පුළුවන, එමෙන්ම ඇය අසලට වී කල්පනා කිරීමට පුළුවන‍.” දිනේෂ් සිතයි.

පරිස්සමින් සහ නිරවද්‍ය ලෙස අරුද්ප්‍රගාසම් යුද්ධය පිළිබඳ ගැඹුරු අවලෝකනාත්මක සහ මනෝවිද්‍යාත්මක සිතුවමක් සේම, භාෂාව හා මතකය නිරන්තර භීතිය සමඟ කෙතරම් ඉක්මනින් වියැකී යන්නේ දැයි නිරූපණය කරයි. රෙදි සේදීම, ඇඟ සේදීම, ඇවිදීම වැනි සරල ක්‍රියාවන් පවා ඔහුගේ මවගේ මරණය පිළිබඳ ‍ශෝක වීමට හෝ, ස්වාමිපුරුෂයෙකු ලෙස ඔහුගේ අභිනව ජීවිතය සැමරීම‍ට හෝ දිනේෂ්ට අවස්ථා සපයයි.

ස්ත්‍රී පුරුෂ භාවය, නොනැසි පැවතීම සහ ලිංගික හැසිරීම පිළිබඳ දිනේෂ් අවබෝධය කර ගන්නා මාර්ගය පිළිබඳ අරුද්ප්‍රගාසම් දිගු ඉස්පාසුවකට ඉඩ නොදෙන ‍ඡේද ලියයි.

දිනේෂ් ගේ රට බෝම්බ හෙලීමෙන් විනාශ වී ගිය ද මෙ‍ම නවකතාව ඒ වෙනුවට අප ඉදිරියට ගෙන එන්නේ විනාශයෙන් අනතුරුව ඇති වන මානසික කම්පනයෙන් පැන නඟින භාවයන්ගේ “ නුහුරු, සැහැල්ලු නිශ්චලත්වයයි”

එසේම මෙම කෘතිය යනු, යුද්ධයේ ප්‍රචණ්ඩත්වයත්, මරණය සහ විනාශය අභිමුව පවා එක්ව සිටීමට මිනිසාගේ ඇති හද සසල කරවන පෙළඹවීමත් කියාපාන විනිවිදින සුළු දසුන් මාත්‍රයක්."

ඒ ඔබ කියැවූයේ අනුක් අරුද්ප්‍රගාසම් නම් තරුණ ලේඛකයා විසින් රචිත ඔහුගේ පළමු නවකතාව වන The Story of a brief marriage නම් කෘතිය(2016) පිළිබඳ KIRKUS නම් වෙබ් අඩවියේ පළවු සංක්ෂිපත සටහනකි. එම කෘතිය පසුගිය සැප්තැම්බර් මාසයේ(2016), ඇමරිකාව, එංගලන්තය සහ ඉන්දියව යන රටවලදි එළි දැක්වුණු අතර එය ප්‍රංශ, ජර්මානු, සහ ඉතාලි භාෂාවන්ට පරිවර්තන වීමට ද නියමිතය.

අරුද්ප්‍රගාසම් කොළඹ හැදී වැඩි මූලික අධ්‍යාපනය ලබා මේ වන විට දර්ශණය සම්බන්ධ ආචාර්ය උපාධිය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබයි. ඔහු ලංකාවේ යුද්ධයෙන් දැඩි සේ පීඩාවට පත් වුණු උතුරු සහ නැ‍‍ඟෙනහිර ප්‍රදේශවල ද කාලය ගත කොට ඇත. ඔහු සිය ආචාර්ය උපාධිය නිම කිරීමෙන් අනතුරුව ආපසු සිය හුරු පුරැදු කලාපය වෙත නැවත පැමිණිමට අදහස් කරගෙන සිටියි. අනුක් අරුද්ප්‍රගාසම් 2017 වසරේ පැවැත්වෙන ගාලු සාහිත්‍ය උළෙලට ද සහභාගී විමට නියමිතය.

පහතින් දැක්වෙන්නේ ඔහුගේ කුළුදුල් නිර්මාණය එළිදැක්වීම නිමිති කොට ගෙන ඇමරික‍ාවේ වෙසෙන ශ්‍රී ලාංකික- ඇමරිකානු නවකතාකරියක සහ ජනමාධ්‍යවේදිනියක වන වි.වි. ගනේෂනාදන් විසින්, අනුක් සමඟ කරන ලද පිළිසඳරක සංක්ෂිප්ත පරිවර්තනයකි. එහි මුල් ලිපිය 2016 ඔක්තෝබර් මස 06 වැනි දින, lareviewofbooks.org වෙබ් අඩවියේ පළවිය.

  • මම කැමතියි මෙම නවකතාව ඔබ ලියන්න පටන් ගත්තෙ කොහොම ද කියලා දැන ගන්න.

2009 වසර අගභාග‍යේ සහ 2010 වසර ආරම්භ‍යේ දි යුද්ධයෙන් දිවි ගලවා ගත් අය ගැන ඒ කියන්නෙ, උතුරේ අවසාන සටනට මුහුණ දුන් ජනතාව සහ හමුදා සොල්දාදුවන් ගැන සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරුනා. මේ දේවල් ගැන මම යන්තමින් දැන සිටියා, මේ අතර වාරේ තමයි No war Zone වාර්තා චිත්‍රපටය එළි දැක්වුනෙ. මෙ‍ම කෘතිය මම හිතන්නේ එම වාර්තා චිත්‍රපටයට සහ ඉන් පසුව මා විසින් අන්තර් ජාලය තුළ සිදු කළ ග‍වේෂණයන් ගේ ප්‍රථිපලයක්.

මෙ‍ම ග්‍රන්ථය වැඩිමනත් ලෙස බිහිවුනේ ඉහත කී කෘති සහ එම භයානක ඉතිහාසයට ප්‍රතිචාරයක් වශයෙන්. මම හිතමින් ‍හිටියා, මගේ භාෂාවම කතා කරන, මම ද අයත් වන ප්‍රජාවක් තුළ වෙසෙන ජනතාව‍ගේ ජීවිත ‍‍ඓතිහාසික සහ සාමාජීය කාරණා නිසා කොයි තරම් මගේ ජීවිතෙන් වෙනස් ද කියන එක. මෙ‍ම ග්‍රන්ථය නිර්මාණය වුනේ ඇත්ත වශයෙන්ම මට ගොඩක් දුරස් වු අත්දැකීම් සහ තත්වයන්ට තරමක් දුරට සමීව වීමේ සහ ඒවා තේරුම් ගැනීමේ ප්‍රයත්නයක් විදියට.

  • යුද්ධයෙන් පස්ස‍ෙ ඊට සම්බන්ධ වීඩියෝ පට සහ ඡායාරූප නොනවත්වා මුදා හැරනේන පටන් ගත්තා- හරියට නිමා නොවන දෙයක් වගේ. ඔබ ඒවා නැරඹීම අත් හැරියේ කවදද, නැත්නම් ඔබ තවමත් එසේ කලේ නැද්ද?

මම කැමති නැහැ එයට පර්යේෂණය කියන වචනය පාවිච්චි කරන්න. ඉන් ඇඟවෙන්නෙ ආරම්භයේ සිටම ඔබට කිසියම් ඉලක්කයක් තියෙනවා කියන එක. පර්යේෂණයක් කියන්නේ ඔබ කෙසේ හෝ එය අත්පත් කරන්නා විදිය, එය තරමක් දුරට අවසානය සහ සැබඳියාවක් නැහැ. එහෙත් මට අනුව මෙහි එවැනි ආකෘතියක් නැහැ.

සාමාන්‍යයෙන් ඔබට අන්තර්ජාලයෙ හෝ කෞතුගාර හරහා ඇසුරු කරන්න ලැබෙන ඡායාරූප කිසියම් ආකාරයකට, ඔප දැමුණු අලංකරණය කළ ඒවා. ඉන් දැනෙන්නෙ සාමාන්‍ය ජීවිතයෙන් පරිභාහිර වටපිටාවක්. පුවත් පතක දකින්න ලැබෙන ඡායාරූපත් ඒ වගේම තමයි. නමුත් යුද්ධයේ දී සිදු වූ දේ සම්බන්ධයෙන් ගන්නා ලද ඡායාරූප, මට සිළුටු නොවන, අහඹු කෝණයන් ගෙන් සිවිල් ජනතාව ඩිජිටල් කැමරා මඟින් හෝ ජංගම දුරකථන මඟින් හසු කර ගන්නා ලද අවස්ථා.

ඒවා සමාජ වෙබ් අඩවි වල දකින්නට ඇති ඡායාරූප සිහිපත් කරවනවා. එම හේතුව නිසාම ඔවුන් නිරූපණය කළ විෂය සම්බන්ධයෙන් එම ඡායාරූප වල එක්තරා හිත් සසල කරවන සුළු, සෘජු ආමන්ත්‍රණයක් දක්නට තිබුණා. එම වාර්තා චිත්‍රපටය මම අඩුම වාර 10 ක් හෝ 15 ක් නරඹන්න ඇති. ඊට ටික කලකට පසු මම වන්නි ප්‍රදේශයේ සංචාරය කළා, එහිදී මට මුණ ගැහුණු මනෝවෙද්‍යවරයෙක් සමඟ මම මිත්‍ර වුණා. ඔහු සමඟ කතා බහ කරන අතරතුර මම ඔහු වැඩ කරන සැටි නිරීක්ෂණය කළා. ඒ ආකාරයට මම පසුගිය සිව් වසර පුරා යම් කාලයක් වන්නි ප්‍රදේශයෙ ගත කරලා තියෙනවා.

මට හරියටම කියන්න බැහැ මම කවදද ඒවා නැරඹීම නවතා දැමුවේ කියලා. ඒත් එක්තරා මෙ‍ාහ‍ොතකදි මට දැනෙන්න වුනා, හැකි ඉක්මනින් මේ නවකතාව ලියා අවසන් කළ යුතුයි කියලා, මොකද දිනපතාම මේ වගේ දෙයක් එක්ක ගැටීම මටත් එච්චර හොඳ දෙයක් නොවන නිසා.

  • සිරුර සහ සවිඤ්ඤාණය, මිනිසුන්ගේ සිතීමේ සහ තීරණ ගැනීමේ ස්වභාවය, ඔවුන් තනිව ජීවත් වීම සහ අනෙක් මිනිසුන් හා සම්බන්ධකම් ගොඬනඟා ගැනීමේ ආකාරය අතර ඇති සබඳතාවය පිළිබඳ මෙම පොත තුළ අවධානය යොමු වෙලා තියෙනවා.මෙය කතා වින්‍යාසයක් සහිත පොතක් නොවෙයි. එය තරමක් දුරට ග්‍රන්ථ නාමයෙන් කතාව ඇඟවෙන, The Brief Wondrous Life of Oscar Wao කෘතිය වගේ කියලා දැනුනා. විවාහයක් සිදු වෙන්න යන්නේ. එය ඉතාම කෙටි කාලීන එකක්. එක්තරා ආකාරයකට එහි නමෙනුත් ඇඟවෙනවා කෘතිය තුළ, යමක් කෙසේ සිදු වන්නේද සහ එහි චරිත ඒ පිළිබඳ කුමක් සිතන්නේ ද යන්න පිළිබඳ අවධානය යොමු කරනවා විනා,  සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳ එතරම් සැළකිලිමත් නොවන බව.

මම දැන සිටියා සිදු වන්නෙ කුමක් ද කියන එක: ඔවුන් මරණයට පත් වෙන්න යන්නේ සහ ඔවුන් මරණයට පත් නොවුනොත් ඔවුන්ගේ ජීවිත හොඳටම වෙනස් ඒවා බවට පත් වේවි කියලා. එය තමයි යුද්ධයේ අවසාන අදියරට මුහුණ දුන් ජනතාවගේ ඉරණම: ඔවුන් මිය ගියා, නැතිනම් දිගටම ජීවත් වුනා, නමුත් විවිධ විදියට ජීවිතය සෝදාපාළුවට ලක් වෙලා, නැවත යථා තත්වයට පත් වෙන්න බැරි විදියටම.

මම මෙය ලියන විට, දිවි ගලවා ගැනීම හෝ ආපසු පැමිණිමක් පිළිබඳ ගැටළුවක් තිබුණෙ නැහැ, මේ මොහොතින් පසු කාලය ගැන ගැටළුවක් තිබුණෙ නැහැ. එහි කතා වින්‍යාසයක් තිබුණි නම්, දෙගිඩියාවක් තිබුනි නම්, කිසියම් වියහැකියාවක් තිබුනි නම්, මෙයට වඩා කිසියම් දෙයක් වෙන්න ඉඩ තිබුණා. ඉන් ගැලවී යා හැකි විදියක් තිබුනේ යැයි ඇඟවීම ම වංක වීමක්. එය හාත්පස පැතිරුනු ස්ථිතික තත්වයක්. ඉන් ගැලවි යා නොහැකියි.

ඔබ එක මොහොතක දැන ගන්නවා නම් එවැනි දේ සිදු වුනා කියලා, විශේෂයෙන්ම ඔබ ද අයිති ප්‍රජාවට අයත් ජනතාව දුකින් පෙළෙන විට, කිසියම් නැමියාවක් තිබෙනවා යම් දෙයක් ඉක්මනින් ඔවුන් වෙනුවෙන් කරන්න.

එය හරියට තමන් ඉදිරියේ වේදනාවෙන් කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා වෙනුවෙන් කිසිවක් කිරීමට ඔබ තුළ ඇතිවන ස්වභාවික පෙළඹවීමක් වගේ. එහෙයින් එම ස්වභාවික ප්‍රතික්‍රියා දැක්වීම තනි පුද්ගලයෙකුට අදාළ නම්, ඔබගේ ප්‍රජාවට කිසියම් දෙයක් සිදුවන බව ඔබ දකින්නේ නම්, සහජයෙන්ම ඇතිවන ප්‍රායෝගික ප්‍රතිචාරය දේශපාලනික එකක්. පුද්ගලයින් කීයක් මරණයට පත් වුණාද, එක්සත් ජාතීන් ගේ සංවිධානය මේ ගැන කුමක් කරයිද, මෙවන් දෙයක් සිදු වෙන්න ඉඩ හැරියේ කොහොමද, ඇයි අපට බැරි මේ අයව උසාවියට අරන් යන්න. මම මේ කියන්නෙ එවැනි ප්‍රතිචාරයකට මම විරුද්ධ වෙනවා කියන එක නෙමෙයි, ඒත් යටත් ‍පිරිසෙයින් මට තියෙන්නේ පුද්ගලයාට බලපාන භාහිර තත්වය තුළ ජිවත් වීම මඟ හැරීමේ ආශාවක්. මෙවැනි ආකාරයේ කාරණා, ඓතිහාසික කාරණා පවා අපව එක් ස්ථානයක සහ කාලයක් තුළ පිහිටුවනවා. එවිට අපේ ආවේගය ප්‍රකාශ කරන්න පුළුවන් අරක කරන්න ඕනෙ, මේක කරන්න ඕනෙ කියලා. මම හිතන්නෙ ඒ ආකාරයේ තොරතුරු ලබා දීම මඟින් එවැනි ප්‍රතිචාරයන්ට ලේසියෙන් ඉඩ සැලසෙනවා.

එවැනි තොරතුරු ලබා නොදීමෙන් ඔබට බල කරනවා එම තත්වය තුළම ජීවත් වෙන්න. හුදෙක් නිරීක්ෂණය කරන්න හෝ ඒ ගැන කිසිවක් ම කිරීමට හැකියාවක් නැතිව එම තත්වය පිළිබඳ දැනුවත් වෙන්න. ඔබට ඒ සම්බන්ධයෙන් කිසිවක්ම කරන්න බැහැ, නමුත් ඔබට පුළුවන් එය නිරීක්ෂණය කරමින් එය තේරුම් ගන්න උත්සාහ කරන්න.

මම හිත‍න්නේ මෙම නවකතාවට උපත දුන් දළ වීඩියෝ දර්ශන නරඹන කාලයෙ දී එය මට වැදගත් වුනා. ඒ මිනිසුන් සේරම දැනටමත් මිය ගිහින්. ඔවුන්ග‍ෙ ජිවිත විනාශ වෙලා, එක අතකට මෙය මම ලියන මො‍හොතේ දි මට තිබුණ සවිඤාණය එයයි: ඇත්තටම කරන්න දෙයක් නැහැ. ඔබ‍ගේ දෑත් බැඳ තැබීම නිසා ඔබට ලියන්න බැරි ය වැනි හැඟීමකින් ඔබට වෙන්නේ නිකම් ඉඳගෙන ඒ දෙස බලා ගෙන ඉන්න.


  • ඔබ කිව්වා, දිනේෂ් හරහා ප්‍රථම පුරුෂ ආඛ්‍යානයෙන් ලිවීමට හේතුව ඔහු ඔබට වඩා වෙනස් නිසා කියලා. ඒත් ඔබ මට දේවල් විස්තර කිරීමට යොදා ගත් රූපක හරියටම දිනේෂ් හිතන විදියේම ඒවා. පො‍තේ ඉතාමත් ලස්සන රූපක දකින්නට ලැබනෙවා. යුධ කලාපය සහ එහි දිනේෂ් ගේ ජීවිතය තුළ ඔබ නිර්මාණය කරනවා මෙවැනි ක්ෂුද්‍ර තත්වයන්- උදාරණයක් ලෙස ‘කිසිවකුට ..... මෙවැන්නක් කළේ නම්’ වැනි ‍යෙදුම් වලින් ආරම්භ කරමින්, ඉන් පසු කතාව විසින් එම රූපක පැහැදිලි කිරීමට වෙහෙසෙනවා. මම හිතුවේ මෙවැනි රූපක ඔබගේ හිතට ආවේ කොහොමද කියලා, අපි හිතුවොත් කිසියම් තත්වයක සමීපස්ථ බවෙහි රැඳී සිටිමේ වැදගත්කම පිළිබඳ ඔබ කියු දේ, මන්ද මෙ‍ම රූපක සැබවින්ම ඉන් නික්මීම සඳහා ද භාවිතා කළ හැකියි. ඒ වගේම අපි දිනේෂ් ගේ අතීතය ගැන දන්නෙ බොහොම සුළු දේවල් ටිකක්, සමහර විට, මෙම රූපක වඩාත් වියුක්ත, දිනේෂ් ගේ අතීත කතාවට විකල්පයක් සපයනවා - ඔහුගේ සවිඤ්ඤාණය ස්පර්ශ කිරීමට වෙනස් ප්‍රවේශයක්.

ඇත්තටම රූපක ‍හෝ දෘෂ්‍ටාන්ත මඟින් සිදු වන දුරස් කිරීමක්. රූපක හෝ සාදෘශ්‍යයේ ඇති තර්කානුකූල ස්වරූපය තමයි: මෙතන තියෙනවා ඔබ නොදන්න දේ, මෙන්න තියෙනවා ඔබ දන්න දේ. අපි නොදන්න දේ දැන ගන්නවා දන්න දේ හරහා. ඒ කෙසේ වෙතත්, එය තරමක් අදාළයි මොකද ගොඩාක් තැන්වලදි මම සඳහන් කරන්න උත්සාහ කරනවා මෙම කෘතිය කියන්නෙ, මෙම කෘතිය තුළින්ම දැනගැනීමට සහ තේරුම් ගැනීමට උත්සාහ කරන තත්වයන්ට ගොඩාක් ඈතින් සිටින කතෘ ගේ අවලෝකනාත්මක පරිශ්‍රමයක් කියලා කියන්න. මම හිතන්නේ දිගින් දිගටම භාවිතා කරන “ සමහරවිට” යන යෙදුමෙන් ද එය තේරුම් ගන්න පුළුවන්.

මම උත්සාහ කරනවා මෙම තත්වය තේරුම් ගන්න සහ මම පිළිගන්නවා මම එම තත්වයට ගොඩාක් දුරක ඉඳන් ආපු කෙනෙක් කියලා. එය තමයි මට පැහැදිලි කරගන්න ඕනෙ වුනේ. මම ගොඩක් කැමතියි පිටත ලෝකයට වඩා ජීවිතයේ අභ්‍යන්තරයට. මම හිතන්නේ භාහිර ලෝකය කියන්නේ කිසියම් ආකාරයක සන්දර්භය රාමු ගත කිරීමේ උපකරණයක් කියලා. හරියට, කිමිඳුම් කරුවෙක් ට ඕනෙ වෙනවා නැංඟුරම් ලූ නැවක්‍. එතකොට ඔහුට පුළුවන් වෙනවා ඔහු ආපසු යා යුත්තේ කොහාටද කියලා දැන ගන්න. මමත් භාහිර ලෝකය ගැන හිතුවේ එහෙමයි. මොකද මතුපිට පෘෂ්ඨයට උ‍ඩින් දේ මගේ සිත් ගන්නේ නැහැ.

  • ඇයි ඔබ ඇමරිකාවට එන්නේ?

මම ඉපදුනේ වරප්‍රසාදිත ඉහළ පැළැන්තියේ පවුලක. ප්‍රභුවරුන්ගේ එක් අපේක්ෂා සහගත ලක්ෂණයක් තමයි ඉංග්‍රීසි කතා කිරීම. ඒ නිසා මම එක අවුරුද්දයි දෙමළ පාසලකට ගියෙ. ඉතිරි මුළු අධ්‍යාපනයම ඉංග්‍රීසි භාෂාවෙන් හැදෑරුවේ. මම ගියෙ ලංකාවේ ජ්‍යාතන්තර පාසලකට. එම පාසල් වල බොහොමයක් ළමයි වැඩි දුර අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න පෙළඹෙනවා. පාසලට ඇතුළත් වීමේදි එසේ විදේශගත වී වැඩි දුර අධ්‍යාපනය හැදෑරීමට ඇති හැකියාවත් සළකා බලනවා.

  • විදේශ රටක ජීවත් වීමේ ඔබගේ අත්දැකීම මොන ව‍ගේද, එය කිසියම් ආකාරයට ඔබේ කෘතියට බලපෑවද?

මම දේශපාලනික වශ‍යෙන් සංවේදි පුද්ගලයෙක්. ඒත් ඇමරිකාව තුළ සිදු වන දේවල් මධ්‍යයේ මට දේශපාලනිකව සක්‍රිය වීමට හැකියාවක් නැහැ. මට දැනෙන්නේ මම වි‍ශේෂයෙන් දේශපලනයේ නියුතු වෙලා ඉන්නේ දකුනු ආසියව තුළ කියලා. මට තේරිලා තියෙනවා ඉන්දියාවේ දේශපාලනික කාරණා නිතරම මගේ සිත් ඇද ගන්නවා කියලා. ඉන්දියාව කියන්නෙ හරිම ආකර්ෂණිය රටක්. දැන් එය යටත් විජිත බිහිකරන ජාතික රජ්‍යයක්. කාලයක් එහි ජනතාව අවුරුදු හාරසියයක් හෝ පන්සියයක් පුරා යටත් විජිතයක පුරවැසියන් බවට පත් වෙලා හිටියා. එහි වර්තමාන තත්වය තේරුම් ගැනීමට සහ අනාගත‍යේ කුමක් වේවි දැයි තේරුම් ගැනීමට ඉඩ ලබා දෙන තොරතුරු මුලාශ්‍රයන් එය අපට දැන් සපයා දී තිබෙනවා.

  • ලංකාවෙන් පිටත දි සියළුම ශ්‍රී ලාංකික දෙමළ පුරවැසියන් එක සමානයි යන විශ්වාසය සමඟ ඔබ ‍ කොයිතරම් දුරට ගැටෙනවාද?

මම නිතරම ඇමරිකානුවන්ට ‍යම් යම් දේ පැහැදිලි කිරීමේදි එක් කාරණාවක් මතු කරනවා. යම් විටක මට කියන්න සිදු වෙනවා, මම ශ්‍රි ලාංකියෙක් නම්, මම ඇමරිකාවට ඇවිත් ආචාර්ය උපාධියට ඉගෙන ගන්නවා නම් ඒ මම සැබැවින්ම වරප්‍රසාදිත කෙනෙක් නිසා. මට හැම තිස්සේම හොඳින් පැහැදිලි කරන්න සිදු වෙලා තියෙනවා මම ලංකාවේ විශේෂ ප‍ිරිසකගෙන් පැමිණියෙක් කියලා.

මට දමිළ දේශපාලනය දැනෙනවා. ඒත් දමිළ සමාජය හරි විශාලයි. ලංකාවේ ඉන්නවා මිලියන 3ක පමණ ‍දමිළ ජනතාවක්. ඒත් තමිල්නාඩු වල මිලියන අසූවක් ඉන්නවා, ඒ අය තමන්ගේ ඉතිහාසය, වර්තමානය සහ අනාගතය තේරුම් ගන්න විධි එක‍ිනෙකට වෙනස්.

  • ඔබ‍ගේ නවකතාව දැනෙන්නෙ, නොනැවතී නික්මෙන එක චින්තාවක් වගෙයි. එහෙත් එම මොහොතේම එය චින්තාව සහ සවිඤ්ඤාණය හා සැබැඳි අකෘතීය ගැටළු වල නියුක්ත වෙනවා. එහි එක්තරා සෙමින් ගලා යන රිද්මයක් තියෙනවා වගේම විටෙක එය හරිම වේගවත්.

මට ඕනෙ වුනේ එම තත්වය තුළ ජීවත් වීමට මටම බල කර ගන්න. මම හිතන්නෙ කෘතිය  අඩු මන්දගාමි බවක් දැනෙනවා නම් ඉන් කියැවෙන්නෙ අඩු අපහසුවක් ඇති කරන විෂය කාරණාවක්. එහි ඇති විෂය කාරණා තමයි ඔබට ක්‍රියාකාරී වීමට, සොයා යාමට, ප්‍රතිචාර දැක්වීමට පොළඹවන්නෙ. විශේෂයෙන් එය මන්දගාමි කියලා දැනෙනවා ඔබට එය කරන්න ඉඩ ලබා නොදීම නිසා, ඔබට පරිස්සම් වීමට බලකෙරන නිසා.


✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට 2016.11.06 දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.



Comments