අලෙහන්ද්‍රෝ ගොන්සාලේස් ඉන්යාරිතෝ යනු ඇකඩමි සම්මාන උළෙලහිදී පස් වරක්ම සම්මානයෙන් ඇගයීමට ලක් වූ මෙක්සිකෝ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි, ලේඛකයෙකි, චිත්‍රපට නිෂ්පාදකවරයෙකි, එසේම 2006 වසරේ කාන් චිත්‍රපට සම්මාන උළෙලෙහි දී හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ද ඔහු දිනා ගත්තේය.
“ඇය ලෝකයේ සොඳුරුතම රුවැත්තියන්ගෙන් කෙනෙක්. ඒවගේම චිත්‍රපට ජවනිකාවක වඩාත් ආකර්ෂණීයම පැවැත්ම ද ඇයයි” “ඇය වැන්නියක් හා සම්මුඛ සාකච්ජාවකට අවස්ථාවක් ලැබීම හරියට ලොතරැයියක් ඇදුනා වගේයි. මට කළ යුතු දේ අමතක වුණා”
ඇන්තනි හෝප්කින්ස් දැනට ජිවතුන් අතර සිටන රංගධරයන් අතරින් විෂිශ්ඨතමයෙක් ලෙස සැලකෙනු ලබයි. ඔහු රංගනශිල්පියෙකු ලෙස The Silence of the Lambs නම් චිත්‍රපටයේ Hannibal Lecter නම් චරිතයට පණ පෙවු විලාසය නිසා ඔහු මහත් ජනප්‍රසාදයට පත් වු අතරම 1991 වසරෙදි ඔහුගේ එම විශිෂ්ඨ රංගනය නිසා ඔස්කා සම්…
දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂක, කිම් කි ඩුක් විරල ගණයේ පුද්ගලයෙකි. කලාව හෝ සිනමාව පිළිබඳ විධිමත් අධ්‍යාපනික ඇසුරක් නොලත් ඔහු, පාසල් ගමන නතර වීමෙන් පසු හමුදාවේ සහ කර්මාන්තශාලාවල වැඩකරමින් කාලය ගත කළ අතර පසු කලෙක ජ්‍යාතන්තර සිනමා උළෙලවලදි වැඩිමනත් ලෙස කතාබහට ලක් වූ සිනමා කරුවෙකු බ…
විශ්‍රාම සුවයෙන් පසු වන කීර්තිමත් හන්ගේරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හා සමීප වීම සම්භාවනීය හන්ගේරියානු සිනමාවේදී බේලා තාර්, වසර 2011 දී මිනිත්තු 146 ක් පුරා දිවෙන, රූප ඛණ්ඩ තිහකින් යුත් The Turin Horse නම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන් අනතුරුව සිය සක්‍රිය සිනමා දිවියට සමු දුන්නේය. ඒ…
ක්වින්ටින් ටැරැන්ටිනෝ කියන්නෙ හොලිවුඩ් සිනමාවේ සිටින සුවිශේෂි සිනමාකරුවෙක්. සිනමාව පිළිබඳ ආන්දෝලනාත්මක මත දරන්නෙක්. ඇල්ෆ්‍රඩ් හිච්කොක්ට පසු හොලිවුඩයට පැයූ තරු අධ්‍යක්ෂවරයෙක් ඔහු. Pulp fiction, Reservoir Dogs, Jackie Brown, Inglorious Basterds, Django Unchanged ඔහුගේ සිනමාවෙන් බිඳක්. ඔහුගේ…
About Me
- Subhashini Chathurika
- මං ලියන්න හරිම ආස කෙනෙක්. ඒ නිසාම මම ගොඩක් දේවල් කියවනවා හොයනවා. ඒවා ඇතුළේ ජීවත් වෙනවා, හීන මවනවා. ඒවා අනෙක් අය එක්ක බෙදා ගන්න තියෙන ආශාව නිසාත් මම ලියනවා. අන්ධකාරය නිසා නොපෙනෙතැයි සිතෙන ජිවිතයේ තීව්ර නිමේෂයන්, කලාවේ සාහිත්‍යයේ සුන්දර අසුන්දර තැන් ආලෝකමත් කරන පුංචි පහනක්(Lucerna), දැන් මා අත තියෙනවා. ඉන් නික්මෙන ආලෝකය බොහෝම පුංචි ඇති, ඒත් ඒ පහනින් අපි ආසම කරන හීන වල, අපේ අපේක්ෂාවල, අපේ ජිවිතවල ලස්සනම තැන් වගේම, අපි දැකිය යුතු අවලස්සනම තැන් වෙතත් පුංචි ආලෝක ලප විහිදාවි කියලා මට විස්වාසයක් තියෙනවා. මම ගොඩක් දේවල් නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා මම තාමත් ඉගෙන ගන්නවා, දෙස් විදෙස් උපාධි, පශ්චාද් උපාධි වගේ දේවල් ටිකක් එක්කාසු කරගත්තත් මං තාම දේවල් හොයනවා. ඒක ලස්සන චාරිකාවක්. මං ඒක උපරිමයෙන් විඳිනවා, ඒ චාරිකාවේ දිදුලන නිමේෂයන් මං නොවැරදීම අනික් අය එක්කත් ආසාවෙන් බෙදා ගන්නවා. ඉතින් ඒ තමයි මං! මේ වචන අතරේ මං ගැන නොකියවුනු දෙයක් ඇත්නම්, ලුචේර්නා අවකාශයේ පැහැබර නිමේෂයන් එකිනෙක පසුකර යන්න, ඒ තමයි ආයෙමත් මං! ඒ තමයි මං ලෝකය දකින්න ආසම විදිය! ඒ තමයි මං දකින හීනයේ ලස්සනම පැහැය! සමහර විට අනෙක් අය දකින්න කැමති හීනෙත් ඒකම වෙන්න ඇති.
My Works
Trending now








