Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

  



පියැසි කවුළුව

මුල් කෘතිය - Skylight – José Saramago


මේ පරිවර්තනය සීමාසිහිත සුභාවි ප්‍රකාශකයෝ පුද්ගලික සමාගම විසින් 2020 වසරේදී පළකරන ලදි.

ISBN – 978 955 7189 32 1

පිටකවර නිර්මාණය
දිනිඳු සිරිවර්ධන

මුද්‍රණය
ස්ටාර් මුද්‍රණාලය, කොට්ටාව, පන්නිපිටිය

ප්‍රකාශනය
සීමාසහිත සුභාවී ප්‍රකාශන (පුද්) සමාගම
අංක 8. සිල්වර් වැලි වත්ත
කෝරළ ඉම
ගෝන පොළ හංදිය
දුරකථන - 0773161080 / 0714372675

 

පිට කවරයේ කතාව

Skylight (පියැසි කවුළුව) යනු 1998 වසරේ නෝබල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ පෘතුගීසි භාෂාවෙන් සාහිත්‍යකරණයේ යෙදුණු ‍ජොසේ සරමාගෝ විසින් රචිත කෘතියකි. එහි විශේෂ ලක්ෂණය වන්නේ ඒ කෘතිය ඔහු ලියා ප්‍රකාශකයෙකු වෙත යවා ඇත්තේ 1953 වසරේ දී වන නමුත්, එය සාහිත්‍ය කෘතියක් ලෙස පාඨකයා අතට පත් වෙන්නේ 2011 වසරේ, ඔහුගේ මරණින් පසුව ද වසරක් ගෙවුණු කාලවකවානුවකදීය. වසර තිස් ගණනක් ගෙවෙන තුරුම, ජොසේ සරමාගේ විසින් තම අත්පිටපත් භාර දුන් ප්‍රකාශකයා විසින් එය කෘතියක් ලෙස ප්‍රකාශයට පත් නොකළා පමණක් නොව ඔවුන් එය ප්‍රතික්ෂේප වී යැයි දන්වමින් ඒ අත්පිටපත් නැවත බාර දුන්නේ ද නැත. ඒ ගෙවුණු වසර ගණනාව පුරාම තරුණ සරමාගෝ ගෙවා ඇත්තේ තමන්ගේ අත් පිටපත අහිමී වීමේ සහ එය ප්‍රකාශයට පත් කළ නොහැකි වීමේ සිත් තැවුලෙන් පීඩා විඳිමිනි.

ප්‍රකාශකයාගෙ ඒ දීර්ඝකාලීන නිහැඬියාවට Skylight අන්තර්ගතයත් හේතුවන්නට ඇත. 1940 ගණන්වල පෘතුගාලයේ ලිස්බන් නුවර තට්ටු නිවාසයක, ජීවත්වනවාම නොව ජීවත්වීමට පොර බඳන පවුල් හයකගේ ජීවන අන්දරය මේ කෘතියට පාදක වී ඇත. ජිවිතයේ අතෘප්තිය, ආර්ථික අගහිඟකම්, අනාගතය පිළිබඳ ඇති බිය ඒ සියළු නිවැසියන් සතු පොදු ලක්ෂණවලින් කිහිපයකි. එමෙන්ම සරමාගෝ, ඒ පිරිපීඩිත ජීවිතවල දුක්ඛදෝමනස්සයන් තුළින් ඒ කාලවකවානුවේ කිසිදු ලේඛකයෙකු විසින් අත නොතබන තරමේ සමාජ අපවාදයන් ලෙස අඳුරේ පසෙකටලා තැබූ වෛවාහික ලිංගික බලහත්කාරය, සමරිසි ලිංගික සබඳකම්, ගෘහස්ත හිංසනය සහ ලිංගික අපයෝජනය, වැනි ජීවන දහරාවන් වෙත නොබියව ආලෝක කදම්බයන් පතිත කරවයි.

 

 

Comments