පකිස්ථානය වැනි දැඩි මතධාරී පුරුෂ මුලික සමාජයක් පවතින රටක කිවිඳියක් වීම ම පමණක් මහා කරදර ගොන්නකට අත වැනීමකි. එහෙත් ඇය, ෆාමිඩා රියාස් කිවිඳියක් පමණක් නොව ස්ත්‍රීවාදි ක්‍රියාකාරිනියකි. ප්‍රගතිශිලි අදහස් දරන්නියකි, දැඩි මතධාරි සම්ප්‍රදායික ආකල්ප වලට නොනවත්වා පහර ගසන්නියකි, සමාජ ව්‍යාපාර කිහිපයකම සක්‍රිය ක්‍රියාකාරිනියකි, මානව හිමිකම් වෙනුවෙන් හඬ නඟන්නියකි. ඉතින් ඇයට ජීවිතය කිසිසේත්ම ලේහෙසි නොවීය. දැඩි මතධාරි, මර්ධනකාරී පාලනය ඇය නොකැළඹුනු, සැහැල්ලු ආරකින් අභියෝගයට ලක් කලේ, ඇය ඒ වෙනුවෙන් ගෙවීමට නියමිත මිල ද ජීවිතයේ විවිධ හැලහැප්පීම් තුළින් ගෙවා දමමිනි.
- නිර්මාණශීලිත්වයට මතවාදයක් අවශ්‍යද?
නිර්මාණශීලිත්වය වඩාත් පෞද්ගලික, එමෙන්ම ජිවවිද්‍යාත්මක රූපාවලියෙන් ඔබ්බට විහිදෙන්නේ නම්, එය සිට ගැනීමට කිසියම් භූමියක් සොයා ගන්නවා. නිර්මාණශීලිත්වය නිරන්තරයෙන්ම මුල් බැස ගන්නේ අදහස් මතයි. අපගේ ජන ගී සහ ජනකතා මතවාදීමය නොවුණත් සමීප අධ්‍යනයකදි වැටහෙනවා, ඒවායේ කිසියම් අදහස් සම්භාරයක් අන්තර්ගත වී ඇති බව. ඔය මතවාදය පිළිබඳ ගැටළුව පැන නඟීන්නේම, භාහිර තත්වයන් ජාලාවක් සහ පංති ගැටුම් තුළ තනි පුද්ගලයින් දකින ප්‍රගතිශීලි සාහිත්‍යයික සන්දර්භය තුළයි. එම දැනුවත්භාවය තුළින් සාහිත්‍යයික නිර්මාණශීලිත්වය බිහි නොවිය යුතු නමුත්, එම දැනුවත්භාවය නිර්මාණශීලිත්වය අවහිර ද නොකළ යුතුයි.
- ඔබගේ නිර්මාණශීලිත්වයට අනුප්‍රාණය සැපයෙන ප්‍රභවය කුමක්ද? එය සමාජ නැඟිටීම්, අක්‍රමික බව, ව්‍යාකූලතාව හෝ අභ්‍යන්තර ළතැවුලද?
මගෙ කවීත්වය පැන නඟින්නෙ මම නියුක්තව සිටින්නේ කුමක්ද යන්න මත. ඒ විදියට තමයි ෆෙයිස් ෂෙයික් අයාස්, ගුල් කාන් නසීර් සහ ජමාල් කඨාක් වැන්නවුන් සිය ජීවිත ගෙවා දැමුවේ සහ ආශ්චර්යමත් කවීත්වයක් නිර්මාණය කළේ. මම විශේෂයෙන් දේශපාලනිකව ප්‍රමාණය ඉක්මවා ආරෝපණය වුණු කිවිඳියක් නොවෙයි. සමහරවිට විශේෂයක් වන්නේ මම ගැහැණියක් වීම පමණයි. මට අනුව සාහිත්‍යය ජීවිතයෙන් වෙන් කරන්න බැහැ. සාහිත්‍යය කියන්නේ ජීවියෙක් වගේ පණ ඇති දෙයක්.
- ලේඛකයෙකුගේ දේශපාලනික සවිඥානක බව, ඔබ විශ්වාස කරන ආකාරයට ලේඛකයකු තුළ භාවාත්මක දුර්වලතාවක් බවට පත් වෙනවාද, එසේ නැතිනම් එය නිර්මාණශීලිත්වයට පණ පොවනවාද?
විවිධාකාරයේ ලේඛකයින් ඉන්නවා. සමහර අය තමන් වටේ ඇති සමාජ - දේශපාලනික තත්වයන්ට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒවගේම තවත් සමහර ලේඛකයන් ඉන්නවා ඔවුනට තමන්ගේ කෘති ඔවුන් වටා ඇති සමාජ තත්වයන්ගෙන් වෙන් කොට සාහිත්‍යකරණයේ යෙදෙන්න බැහැ, ඒ වගේම ඔවුන් සමාජය කැළඹීමේ වැඩි භාරයක් නියෝජනය ද කරනවා.
- විචාරකයින් ප්‍රකෝප වෙලාද, ඔබ හිතන්නේ කොහොමද?
අමාර්, ඔයත් ගැහැණියක් වගේම කිවිඳියක්. ඔබ දන්නවා ලේඛිකාවක් හුදෙක් කාන්තාවක් වීම නිසාම ගෙවන්න වෙන බරපතල ගෙවීම මොකක්ද කියන එක. පිරිමින් ප්‍රමුඛ වන අපගේ වැනි සමාජයක, විශේෂයෙන්ම ඔබගේ සිතැඟි සහ නිර්මාණශීලිත්වය බරපතල ලෙස සැළකිල්ලට ගැනෙන්නේ නැහැ. බොහොමයක් පිරිමින්ට, ඔබගේ වැදගත්ම ලක්ෂණය තමයි ඔබ ගැහැණියක් වීම, ඒ කියන්නෙ ඔවුන් එක්ක ඇඳට යන කෙනෙක්(ඔවුන් එහෙම හිතනවා). ඔබගේ මනස කියන්නේ, එහි සාරය නිරන්තර නොසැළකිල්ලට භාජනය වන අනවශ්‍ය ශරීර උපාංගයක්. ඔබ යමක් කියන්නේ ද එහි තිබෙන්නේ එකම එක අරමුණයි, එනම් ඔවුන්ට ලිංගික උත්තේජනය සැපයීමයි. ඔබට කිසියම් නිශ්චිත දේශපාලනික මතයක් ඇත්නම්, එය ඔබගේ මනස සහ වචන පාලනය කරන ඔබගේ ආදරවන්තයාගේ මතය පුනරුච්චාරණය කිරීමක්. ගැහැණියගේ මනසින් ප්‍රභාවී චින්තනයක් අපේක්ෂා කළ නොහැකි බව පොදු එකඟතාවයි. කෙසේ වෙතත් ඔබට වෙන විකල්ප නැහැ, තමන්ගේ කාර්යය නොනවත්වා කරගෙන යාම ඇරෙන්න. මම එය තමයි කරන්න උත්සාහ කළේ.
- ඔබ හිතනවද, සමකාලීන සාහිත්‍ය නිර්මාණ, අතීතයේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති විසින් අත්පත් කරගත් සර්වව්‍යාපි ආකර්ෂණය අහිමි කර ගෙන කියලා?
මම එහෙම හිතන්නේ නැහැ. අපට ඉන්නවා සමස්ත ආකාර්ෂණය දිනාගත් සමකාලින ලේඛක ලේඛිකාවෝ, නමුත් අපට ටික කාලයක් බලා ඉන්න වෙනවා එම ප්‍රබන්ධ සම්භාව්‍ය තත්වයට පරිණාමය වනතුරු මොකද, සමකාලින යුගයේ එම කෘති සම්භාව්‍ය කෘති ලෙස ප්‍රකාශයට පත් කිරීමට නොහැකි නිසා. මම කැමතියි මෙහිදි ප්‍රබන්ධ කිහිපයක් නම් කරන්න. ශ්‍රී රාම් ශුක්ලා විසින් රචනා කරන ලද මාලියා අන්චල්(උර්දු Maila Anchal) සහ කිරාන් දේසායි ගේ Inheritance of Loss කෘති. පසුව සඳහන් කළ කෘතිය ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇති අන්තර්ක්‍රියාකාරිත්වය පිළිබඳ කියැවෙන්නක්. එම තේමාව මට ද තරමක් සමීප බවක් හැඟෙනවා. යටත් විජිත පාලකයින් අතහැර දමා ගියේ මොනවාද, අර්ධද්විපයේ අභ්‍යන්තර අරගල, එහි ප්‍රතිවිරෝධතාවන්, එහි භෞතික යථාර්තය සහ විවිධත්වය. එය ආදරණීය නවකතාවක්. මොනතරම් පුදුමාකාර ලේඛිකාවක් ද ඇය! ඊට සමාන ලෙසම ඔර්හාන් පමුක් ගේ Snow කෘතිය ඉතාමත් මනබඳින සුළුයි. එහි කතා කරනවා බටහිරත් සමඟ ඇති මුස්ලිම් ගැටුම. ඉන්පස්සේ අරුන්දතී රෝයී ගේ The God of Small Things, අප ඒ වෙතට ඇඳ බැඳ තබා ගන්නා කෘතියක්. පකිස්ථාන සාහිත්‍යයේ තවම එවැනි ප්‍රබන්ධ දක්නට ලැබෙන්නේ නැහැ.. නැතිනම් මම එවැනි කෘති කියවලා නැහැ.
- පකිස්ථානු ඉංග්‍රීසි නවකතා නිර්මාණය වෙන්නේ බටහිර පාඨකයින් ආකර්ෂණය කරගන්න. ඔබ ඒ අදහසට එකඟ වෙනවාද?
ඇත්තටම සමහර ලේඛකයින් කිහිපදෙනෙක් ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ, වැඩි වශයෙන්ම පකිස්ථානු ලේඛකයින් විසින් ඉංග්‍රීසියෙන් ලියන නවකතා සම්බන්ධයෙන් මතුකරන විරෝධය ගැන මට තියෙන්නේ ලැජ්ජාවක්. මට විටෙක හිතෙනවා එම විරෝධය හුදෙක් ඊර්ෂ්‍යාව නිසා පැන නඟින්නක් ද කියන එක. එය ඇත්තෙන්ම වැරදි ආකල්පයක්. ඔවුන් ලාබාලයි, එ්වගේම ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නේ එය තමයි යමක් ප්‍රකාශ කරගැනීමට තරම් හැකි ඔවුන් ඉගෙන ගත් එකම භාෂාව. එහිදි පැන නැඟෙන අනෙක් මතය තමයි, ඔවුන් අයත් එක්තරා සමාජ ස්ථරයකට, ඒ නිසා ඔවුන්ගේ කෘති මඟින් කියැවෙන්නේ එම ප්‍රජාවට අයත් දේ සහ පකිස්ථානයේ ඉහළ පැළැන්තියේ අත්දැකිම් පමණක් ය කියන එක. එහෙත් විශේෂත්වයන් මතුවෙමින් තිබෙනවා. මම කියවා තියෙනවා මොහ්සින් හමීඩ් විසින් ලියපු The Reluctant Fundamentalist නම් කෘතිය. එහි සිනමා පටයත් මා නැරඹුවා. මම හිතනවා අපේ තරුණ පකිස්ථානු ලේඛකයා ඉතාමත් වැදගත් විෂයයක් ගැන ලිවීමට තරම් නිර්භය වෙලා තිබෙනවා. ඒ එක උදාහරණයක්. සල්මන් රුෂ්ඩි, ඔහු පකිස්ථානුවෙකු වේවා, ඉන්දියානු - පකිස්ථානුවෙකු වේවා ඔහු පකිස්ථානයේ ඉතිහාසයත් දේශපාලනයත් ගැන ලියා තිබෙනවා. අනිත් අය ටිකෙන් ටික ඉදිරියට එයි, එ්වගේම එයාලා කාලයත් සමඟ පරිණත තත්වයට ලඟා වෙයි.මොහොතකට අපි මොහොමද් හනීෆ්ගේ A Case Of Exploding Mangoes කෘතිය ගත් විට, එහි කතාවෙන් කියවෙන්නෙ හමුදාව විසින් පකිස්ථානයේ බලය අල්ලා ගැනීම ගැන. එය පාඨකයාව කම්පිත කරන සාහිත්‍ය කෘතියක්. අපේ ඉංග්‍රීසි සාහිත්‍ය වෙත බටහිර රටවල අවධානය යොමු වෙනවා තමයි, ඉතින් එහි ඇති වැරැද්ද මොකක්ද?
- ඔබ හිතනවාද සමකාලින ලේඛකයා ඔවුන්ගේ පෙරකාලිනයන්ට වඩා බුද්ධිමය වශයෙන් හුදකලා වෙලා කියලා?
ලේඛකයෙක් හුදකලා වෙන්න පුළුවන් ඔහු හෝ ඇය කණ්ඩායමක සාමාජිකයෙක් නොවේ නම් හෝ ඔහු ජනතාව හා එක්ව ගමන් නොකරන්‍නේ නම්. මම පිටුවහලේ ගතකරමින් සිටින කාලයේ අනෙක් පකිස්ථානු ලේඛකයන් ජනතාව අතර සිටීම විඳින විට, මටත් හුදකලාව දැණුන නිමේෂයන් බොහෝමයක් තිබුණා. පිටුවහලේ ජීවිතයෙන් අනතුරුව නැවත මා මගේ රටට එන විට මට ලැබුණු උණුසුම් පිළිගැනීම, ඒ හුදකාලව වෙනුවෙන් මට වන්දි ගෙව්වා.
- ඔබගේ Badan Dareeda, කාව්‍ය සංග්‍රහය මහා ඝෝෂාවක් ඇති කලා, එහි වු තහංචි නොලෑ කාන්තා ලිංගිකත්වයේ සොයා යාම නිසා. එහි යමක් තියෙනවාද ඔබ නැවත ලියන්න කැමති, නැතිනම් ඔබ පෙර පරිදිම අලජ්ජිත ආකාරයෙන් ලියනවාද?
ඔබ අදහස් කලේ විළි ලැජ්ජා නැති ආකාරයෙන්, එහෙම නේද? (සිනාසෙයි). මට ඒ ආකාරයෙන් කියන්න තවත් දේවල් තියෙන්න පුළුවන්. ලියන එක හරි ලේසියි. එකේ කිසිම ගැටළුවක් නැහැ. ඒත් ඊට පස්සේ තමයි කඨෝර සංගීතයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ. මම හිතන්නෙ මම ඉන් නොනැසී බේරුණා කියලා. ඔය ඝෝෂාව ටික කාලෙකින් නැතිව යනවා. ඒත් කවිය පවතිනවා.
- කවියෙකුට, නිර්මාණශීලි ලේඛකයෙකුට පුළුවන් ද ඇත්තටම ජනතාව හිතන ආකාරයෙන් හෝ ආණ්ඩුවක් කරන ආකාරයෙන් සමාජය තුළ කිසියම් වෙනසක් ඇති කරන්න?
හැමදේකින්ම වෙනසක් ඇති වෙනවා. එය මුල් අවස්ථාවෙදී නොපෙන්න පුළුවන්. නැතිව වෙන කොහොමද සමාජයක් වෙනස් වෙන්නෙ?
ප.ලි- දිගු කාලයක් පැවති රෝගී තත්වයක් හේතුවෙන් ෆාමිඩා රියාස් 2018 වසරේ නොවැම්බර් මස විසි එක් වැනිදා පකිස්ථානයේ ලාහෝර් නුවර දී මෙලොවින් සමු ගත්තාය.
✎ සුභාෂිණි චතුරිකා
මෙම ලිපිය පළමුවරට 2018.01.07 දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.
Comments
Post a Comment