1986 අප්‍රියෙල් මස 26 වැනිදා චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය තුළ ලෝක ඉතිහාසයේ එතෙක් නොවු විරූ දැවැන්තම න්‍යෂ්ටික ප්‍රතික්‍රියක අනතුර සිදු වූ අතර, චර්නොබිල් මෙන්ම යුරෝපයේ හතරෙන් තුනක තරම් පැතිරුණු විශාල ප්‍රදේශයක වායුගෝලය දූෂණය වීමට එය හේතුවක් විය.
ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ් TedTalk ප්‍රේක්ෂාගාරයක නරඹන්නන් අමතා ‘පෞද්ගලිකත්වය වැදගත් ඇයි?’ යන තේමාව ඔස්සේ කරන ලද කතාවක් ඇසුරින් සකස් කරන ලද්දකි. ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ් යනු, එඩ්වර්ඩ් ස්නෝව්ඩන් නම් 29 වියැති කෙසඟ ඇමරිකානු තරුණයා විසින් අන්තර්ජාලය ඇතුළු විවිධ සන්නිවේදන මාධ්‍ය ආක්‍රමණය කරමින්…
ඒ 1932 වසරේ අවසන් භාගයයි. පැරිස් නුවර මොන්පර්නාස් විදියේ බෙක් ද ගාස්z නම් අවන් හලේ පැවැත්වුණු ඇප්‍රිකොට් කොක්‍ටේල් සාදයකදි තරුණ මිතුරු මිතුරියෝ තිදෙනෙක් මුණ ගැසුණහ.
හමීඩ් සුලෙයිමාන් සිරියාවේ උපන් තිස් එක් හැවිරිදි තරුණයෙකි. ඔහු මෙන්ම ඔහුගේ කලා මාධ්‍යත් අපට තරමක් අප්‍රකට කාරණාවන්ය. සිරියාවේ දමස්කස් නගරයේ ඉපිද හැදී වැඩුණ හමීඩ්, තම උපන් භුමියේ නිදහස සහ ප්‍රජාන්ත්‍රවාදය පිළිබඳ උස් බලාපොරොත්තු තබා ගෙන සිටි තරුණයන් ගෙන් කෙනෙකි.
2009 වසරේ ඇමරිකා එක්සත්ජනපදයේ පැවති ඇමරිකානු සමුළුවට සහභාගී විමට පැමිණි, එවකට වෙනුසියාලානු ජනාධිපතිවරයාව සිටි හියුගෝ චාර්වේස්, එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය හෙබවූ බැරැක් ඔබාමා වෙත පැමිණ ඉතාමත් මිත්‍රශිලි ලෙස අතට අතදී ආචාර කොට, සිනා මුසු මුහුණින් එක්තරා කෘතියක් ඔබාමා අතට පත්කළේය.…
“සංස්කෘතික ගැටුමත්, එක්ව බැඳී සිටීමත් පිළිබඳ නව සංකේතයන් සොයා යාම නිසා” තුර්කි ජාතික ගත් කතුවර ඔර්හාන් පමුක් 2006 වසරේදී, නෝබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. ඉස්තාන්බුල් නගරයේ ජීවත් වෙමින් සාහිත්‍ය කටයුතුවල නියැලෙන පමුක් දැනට ලොව පුරා විසිරී සිටින සාහිත්‍ය ලෝලින් අතර ඉමහත් ප්‍රසාදයටත…
නැන්සි ගාර්ඩ්න්, යනු සාහිත්‍ය ලෝකයේ කිසියම් ආකාරයක නව මාදිලියක් බිහි කිරිමට පුරෝගාමි වු සාහිත්‍ය වේදීනියකි. සංස්කාකරවරියකි. LGBT (සමරිසි කාන්තා සහ පිරිමි, ද්විත්ව ලිංගික සහ සංක්‍රාන්තික) ලිංගිකත්වය දරන්නවුන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් වැඩ කළ ක්‍රියාධාරනියකි. ඇය වැඩිමනත් ලෙස සාහිත්‍ය නිර්ම…
"ලංකාවේ සිවිල් යුද්ධය නිසා සිය පවුලේ සියළු සාමාජිකයින් අහිමි වුණු තරුණයෙක්, යෝජිත විවාහයක් මඟින් සරණාගත කඳවුරේ ඔහු ගෙවන ජීවිතයේ අවසන් දවස් කිහිපය වෙත කිසියම් අර්ථයක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරයි. දිනේෂ්, නිරන්තරයෙන් ඇවිලෙන යුධ ගිනි මධ්‍යයේ, බෝම්බ හෙලන වාරයක් වාරයක් පාසාම නිර්වින්දක…
රෝහිත් වෙමුලා 2016 වසරේ ජනවාරි 17 වැනිදා සිය දිවි හානි කරගත්තේය. වෙනත් වචන වලින් කියතොත් මරා දැමුණේය. වෙමුලා ඉන්දියාවේ හයිබ්‍රාද් සරසවියේ දෙවැනි වසරේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකි. ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ වෙමුලා, ඔහු ද අයත් දලිත් කුලයේ ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් විශ්වවිද්‍යාලය තුළ පෙනී ස…
About Me
- Subhashini Chathurika
- මං ලියන්න හරිම ආස කෙනෙක්. ඒ නිසාම මම ගොඩක් දේවල් කියවනවා හොයනවා. ඒවා ඇතුළේ ජීවත් වෙනවා, හීන මවනවා. ඒවා අනෙක් අය එක්ක බෙදා ගන්න තියෙන ආශාව නිසාත් මම ලියනවා. අන්ධකාරය නිසා නොපෙනෙතැයි සිතෙන ජිවිතයේ තීව්ර නිමේෂයන්, කලාවේ සාහිත්‍යයේ සුන්දර අසුන්දර තැන් ආලෝකමත් කරන පුංචි පහනක්(Lucerna), දැන් මා අත තියෙනවා. ඉන් නික්මෙන ආලෝකය බොහෝම පුංචි ඇති, ඒත් ඒ පහනින් අපි ආසම කරන හීන වල, අපේ අපේක්ෂාවල, අපේ ජිවිතවල ලස්සනම තැන් වගේම, අපි දැකිය යුතු අවලස්සනම තැන් වෙතත් පුංචි ආලෝක ලප විහිදාවි කියලා මට විස්වාසයක් තියෙනවා. මම ගොඩක් දේවල් නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා මම තාමත් ඉගෙන ගන්නවා, දෙස් විදෙස් උපාධි, පශ්චාද් උපාධි වගේ දේවල් ටිකක් එක්කාසු කරගත්තත් මං තාම දේවල් හොයනවා. ඒක ලස්සන චාරිකාවක්. මං ඒක උපරිමයෙන් විඳිනවා, ඒ චාරිකාවේ දිදුලන නිමේෂයන් මං නොවැරදීම අනික් අය එක්කත් ආසාවෙන් බෙදා ගන්නවා. ඉතින් ඒ තමයි මං! මේ වචන අතරේ මං ගැන නොකියවුනු දෙයක් ඇත්නම්, ලුචේර්නා අවකාශයේ පැහැබර නිමේෂයන් එකිනෙක පසුකර යන්න, ඒ තමයි ආයෙමත් මං! ඒ තමයි මං ලෝකය දකින්න ආසම විදිය! ඒ තමයි මං දකින හීනයේ ලස්සනම පැහැය! සමහර විට අනෙක් අය දකින්න කැමති හීනෙත් ඒකම වෙන්න ඇති.
My Works
Trending now








